කඩුවෙල ප්‍රදේශයේ පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් සිසුවකුට පිහියකින් ඇන බරපතළ තුවාල ලැබීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම සිද්ධියෙන් තුවාල ලබා තිබෙන්නේ පහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචි අදීෂ කල්හාර නම් අයෙක්. පසුගිය බ්‍රහස්පතින්දා (22) සවස ගනේවත්ත වෙල්යාය අසල දී මෙම ගැටුම සිදු වී ඇති අතර සිද්ධියට සම්බන්ධ තිදෙනෙකු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොවුන්
බෝමිරිය, බෝවිල පාර ප‍්‍රදේශයේ පදිංචිකරුවන්වේ.බෝමිරිය ප්‍රදේශයේ පාසැල් දෙකක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංතිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙම ගැටුමට සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසයි.
සැකකාර සිසුන් පිරිස කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් අධ්‍යාපන කටයුතු පිළිබඳ සලකා බලා දැඩි කොන්දේසි මත ඇප ලබා දී තිබෙනවා.
නවගමුව පොලිස් ස්ථානාධිපති දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් අනුව මේ පිළිබද වැඩි දුර පරීක්ෂණ සිදුකරන බව වාර්තා වනවා.