කෝවිඩ් වසංගතය හේතුවෙන් විදේශ ශ්‍රමිකයන් ලක්ෂයක් පමණ නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
විදේශ ශ්‍රමිකයන්ගෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 05 ක පමණ ආදායමක් මෙරටට ලැබෙන අතර මේ වන විට එය ඩොලර් බිලියන 02ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.
සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයන් දෙලක්ෂ තිස් දහසක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව යන බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මංගල රන්දෙණිය මහතා පවසයි.
නමුත් මෙම වසර තුළ විදෙස්ගත වී තිබෙන්නේ ශ්‍රමිකයන් තිස් දහසක් පමණ බව ඔහු පෙන්වා දෙන අතර මැද පෙරදිග සහ යුරෝපා රටවලින් විදේශ රැකියා සඳහා ඉල්ලුමක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා.