කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කර සිටියේ මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුව ඇති බවය. ඉදිරියේදී අයෙකු මෙහෙකාර සේවයේ යොදවා ගන්නේ නම් ඔහුට හෝ ඇයට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතු වේ.
වයස අවුරුදු 14 ඉක්ම වූ ළමයින්ට රැකියා සඳහා යොමු වීම 1956 අංක 47 දරණ පනතට අනුව අවස්ථාව හිමිව තිබුණු අතර පසුගිය ජනවාරි 18 වන දා එම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දැමිණ. එම වයස් සීමාවේ අයවලුන්ද අන්තරාදායක රැකියා සඳහා යොදා ගැනීමට ද හැකියාවක් නොමැත.අන්තරාදායක රැකියාවක් ලෙස මෙහෙකාර සේවය වර්ගීකරණය කර නොමැති බැවින් 16 ඉක්ම වූ අයෙකු මෙහෙකාර සේවයේ යෙදවීමේ හැකියාව මේ වන විටත් පවතියි.
මේ වන විට රැකියා 52ක් අන්තරාදායක රැකියා ලෙස නම් කර ඇතත් නව සංශෝධනයට අනුව රැකියා සංඛාව 76 දක්වා ඉහළ දැමීමටද අපේක්ෂා කරයි.