යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් 19 එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගැනීම සඳහා ක්‍රියා කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශය නිවේදනය කරන්නේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ් 19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් ඉතා සාර්ථක ව සිදුවෙමින් පවතින බවයි.