කොරෝනා වයිරසයේ නව ඩෙල්ටා ප්‍රභේදය (COVID B.1.617.2 Delta Variant) ආසාදනයවූ තවත් 23 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ 14කින් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පසනවා.
ඒ් අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති කොවිඩ් ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ යනු ලබනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, කෝට්ටේ, රත්මලාන, අංගොඩ, නවගමුව, ගල්කිස්ස, කැස්බෑව යන ප්‍රදේශවලින්, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම මීගමුව ,මහබාගේ කටුනායක සහ කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල යන ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තාවී ඇති බව වාර්තාවනවා.
මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීමේ පරීක්ෂණ සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ විසින් හැකි ඉක්මනින් ඊයේම අරඹා තිබෙනවා.
මෙම හමුවූ රෝගීන්ට පෙර ගාල්ල, මාතර, දඹුල්ල, වව්නියාව, මුලතිව්, සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින් ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ රෝගීන් හඳුනාගනු ලැබූ අතර වැඩි දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද වාර්තාවනවා.
මෙම රෝගීන් සොයා ගැනීමේ ජාන අනුක්‍රමණ පරීක්ෂණවලට අදාළ වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට ඊයේ (23) පෙරවරුවේ බාරදීම සිදුකෙරුනා.