Header Ads

උණුසුම් පුවත්

ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීමට සුදුසු කාලයක් නොවේ

රජයේ ආදායමෙන් 86% ක් 2020 වර්ෂයේ වැටුප්  ගෙවීම් සඳහා වියදම් කර ඇති අතර රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා ඉහළ ගොස්  තිබෙන බැවින් ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීමට මෙය සුදුසු කාලය නොවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පාසල් ගුරුවරුන් සඳහා 100% ක් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් තමා සම්පූර්ණයෙන්ම එකඟ වන නමුත් වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුදයේ ගැඹුර සැලකිල්ලට ගෙන එය කළ නොහැකි දෙයක් බව අමාත්‍යවරයා කියා සිටියා.

අමාත්‍යවරයා පවසන්නේ සුබසාධන ක්‍රියාමාර්ග වැඩි කිරීමට අවශ්‍ය නම් තවදුරටත් බදු අය කිරීම හැර වෙනත් විකල්පයක් රජයට නොමැති බවයි.

තවදුරටත් බදු පැනවීම ජනතාවට තවත් බරක්  බවත් පසුගිය යහපාලන ආණ්ඩුව රාජ්‍ය දේපල නිර්දය ලෙස අන්සතු කර තිබෙන බවත් වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.