රාජ්‍ය ආයතනවල අතිරේක වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත. මේ බව මුදල් අමාත්‍යංශය සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
තවදුරටත් මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබෙන්නේ රාජ්‍ය ආයතනවලට අලුතින් සේවකයින් බඳවා ගැනීම ද නතර කරන ලෙසය. මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගැනීමට කොරෝනා ව්‍යාප්තියත් සමග රජයේ ආදායම විශාල ලෙස අඩු වීම සැලකිල්ලට ගෙන ඇත. බැසිල් රාජපක්ෂ මහතා සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඉකුත් සතියේ කොළඹ අරලියගහ මන්දිරයට කැඳවා, වියදම් සීමා කරන ලෙස දැනුම් දී ඇත
මුදල් ඇමතිවරයා එහිදී ඔවුන්ට දැනුම් දී ඇත්තේ රජයේ ආයතනවල අතිරේක වියදම් කපා හරින ලෙසත් සේවකයින් වැඩි නොකරන ලෙසත්ය.