විශේෂ කාර්ය බළකායේ සෙට්ටිකුලම කඳවුරේ කණ්ඩායමක් විසින් මැදවච්චිය රම්බකුලම ප්‍රදේශයේ නිවසක අධි බලැති පුපුරණ ද්‍රව්‍යයක් වන ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 75 ප්‍රමාණයක් තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු බණ්ඩාරගම පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මේවා ළඟ තබා ගැනීම සඳහා කිසිදු බලපත්‍රයක් නොමැති බවද විශේෂ කාර්ය බළකාය කියයි.
බණ්ඩාරගම සිට මොහු මෙම ප්‍රදේශයට පැමිණ කිසියම් ත්‍රස්ත ක්‍රියාවක් සඳහා මෙම අධිබලැති පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගන්න සිටියේද යන්න හෙළිකර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන අතර විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ මොහු පදිංචි කුලී නිවස වැටලීමේදී එහි තුල තිබී මෙම අධිබලැති පුපුරණ දුව්‍ය සොයා ගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු මැදවච්චිය පොලිසියට බාර දී ඇත .