යාපනය අරියාලෙයි ප්‍රදේශයේ අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයකට ඊයේ (24) අලුයම පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
යාපනය පොලිසියට ලද තොරතුරක් මත එම ස්ථානය වැටලීමට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේ ජාවාරම්කරුවන් පලා යෑමට උත්සාහ දැරීමේදී ට්‍රැක්ටර් රථයේ රෝදයකට පොලිසිය විසින් වෙඩි තබා ඇත.වෙඩි තැබීමත් සමඟ ජාවාරම්කරුවන් ට්‍රැක්ටර් රථය දමා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ට්‍රක් රථය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවත් වාර්තා වනවා.