ඇස්ට්‍රාසෙනෙකා
කොවිඩ් මර්ධන එන්නතේ (Astrazeneca vaccine) දෙවැනි මාත්‍රාව මෙතෙක් නොලැබුණු පිරිස
කිසිඳු බියක් ඇති කර නොගතයුතු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය
මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ලබා ගත් පළමු මාත්‍රාවේ බලය තවමත් බිඳී නොමැති බවයි.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ගත් පුද්ගලයෙකුට දෙවෙනි මාත්‍රාව ගැනීමට මාස හයක කාලයක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තාක්ෂණික පත්‍රිකාවක් මගින් සනාථ කර ඇතැයිද ඇමතිවරයා කියා සිටියා.
එබැවින් දෙවන මාත්‍රාව මෙතෙක් නොලැබුණු ජනතාව මේ නිසා අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයිද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් කියා සිටියි.