රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සමඟ කටුනායක පොලීසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.
මෙම සැකකරු ඊයේ (26) සවස කටුනායක ප්‍රදේශයේ වෙළඳසැලකින් රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් ලබා දී භාණ්ඩ මිලදී ගෙන ඇති අතර මුදල් නෝට්ටුව පිළිබඳ ඇති වූ සැකයක් මත වෙළෙඳසල්හිමියා විසින් පොලිසියට දැනුම් දී තිබෙනවා.
සැකකරුගේ ගමන් බෑගයේ තිබී තවත් ව්‍යාජ මුදල් නෝට්ටු පහක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සොයාගත් බව පොලිසිය පවසයි.





