ගිනි නිවන සේවා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තු මුලස්ථානයේ සේවකයන් දෙදෙනකු ට කොවිඩ් ආසාදිතවී ඇති බවයි.
ලබන මස 01 දින සිට නොරොච්චෝලේ බලාගාරයේ සේවය සදහා යෙදවීමට සුදානම් කර සිටි දස දෙනෙකුගෙන් සමන්විත භට කණ්ඩායමක් 27 වනදා P C Rපරීක්ෂණයට ලක් කර ඇත. ගිනි නිවන හමුදාවේ උසස් නිලධාරියෙක් පැවසුවේ එම P C R වාර්තාව අනුව එම කණ්ඩායමේ සේවකයන් දෙදෙනකු ආසාදිතයන් වශයෙන් තහවුරු වී ඇති බවය.
මුලස්ථානයේ බැරැක්ක දෙකක මොවුන් දෙදෙනා රැදී සිට ඇති අතර මොවුන් සමග රැදී සිටි ගිනි නිවන භටයින් 40 ක පමණ දෙනා කොවිඩ් අවදානමෙන් පසුවන බවද එම නිලධාරියා කියා සිටියේය.




