හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 28 වනදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බියුරෝව පිහිටුවීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි.
හිටපු මුදල් අමාත්‍ය දිවංගත අචාර්ය එන්. එම්. පෙරේරා මහාතාගේ යෝජනාවක් අනුව මෙම බියුරෝව පිහිටුවා ඇති අතර මෙහි දී නව බියුරෝව සභාපති ලෙස ගරු පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත්වී තිබේ.
රාජ්‍ය ව්‍යාපාර අංශය, වතු අංශය, සමූපකාර අංශය, කාන්තා හා පෞද්ගලික අංශය යන වෘත්තීය සමිති මෙයට එක්වී තිබේ.වෘත්තීය සමිති සම්බන්ධව පැන නැගෙන ගැටලු සදහා නව බියුරෝව ඉදිරියේදී ක්‍රියාකරන බවත් විශේෂයෙන්ම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් නව බියුරෝව නායකත්වය ගනු ඇති බවත් එම පක්ෂය සදහන් කරයි.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලී දේවේන්ද්‍ර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් ද සහභාගී වී සිටියහ.