පසුගිය ඉරිදා (25) උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ වාහනයක් මතට ගල් කඩා වැටීමෙන් සංචාරකයින් 09 දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.
කඳු බෑවුම හරහා විශාල පාෂාණ පාලමක් මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව සමාජ මාධ්‍ය තුළ පළ වූ වීඩියෝවලින් දැක්වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවයි.
අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම නායයෑම සිදුවන්නට ඇති බවත් පීඩාවට පත් සියලු දෙනාට සහන අරමුදල් ලබා දීමට ඉන්දීය රජය කටයුතු කරන බවත් වාර්තා වනවා.
සෑම වසරකම ජුනි සිට සැප්තැම්බර් දක්වා මෝසම් සමය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්දියාවේ සමහර ප්‍රදේශවල නායයෑම්, ගංවතුර අවධානම් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට බටහිර ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ නිවාස සිය ගණනක් විනාශ වී ඇති අතර පුද්ගලයන් 136 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
#WATCH | Himachal Pradesh: Boulders roll downhill due to landslide in Kinnaur district resulting in bridge collapse; vehicles damaged pic.twitter.com/AfBvRgSxn0
— ANI (@ANI) July 25, 2021