අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දැනට පෞද්ගලික අංශය විසින් වැඩි වශයෙන් ආනයනය කෙරෙන අතර රාජ්‍ය සමාගමක් මගින් ඍජුවම මෙරටට ගෙන්වීමට රජයේ අවධානය යොමුව තිබේ.
වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවය.
දැනට ඈවර කිරීම සඳහා යෝජනා කර ඇති රාජ්‍ය වාණිජ සමූපකාර තොග වෙළෙඳ සමාගම යළි සක්‍රීය කර ඒ හරහා සීනි, කුකුළු මස්, පොල්තෙල්, පරිප්පු, ලූනු, අල වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට තීරණය කර ඇතැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
පෞද්ගලික අංශය සතු ඒකාධිකාරිය බිඳ හෙළීම හා වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම මෙහි අරමුණ වී තිබේ.