අම්පාර ඉඟිනියාගල නාමල්තලාව ප්‍රදේශයේ කැළෑවක හමුදා සෙබලකු වෙඩි වැදී මිය යාම සම්බන්ධයෙන් ඔහු සමඟ දඩයමේ ගිය 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි හමුදා සෙබළෙක්.ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ දඩයමේ ගොස් තිබෙන අතර එහිදී ඔහුට මෙසේ වෙඩි වැදී තිබෙනවා. මෙම සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් සේ සලකා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
දඩයම පිණිස මුවකු වටකර එල්ල කළ වෙඩි පහරක් වැරදිමකින් හමුදා සෙබලාට වැදුන බව මෙම සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.