අන්තර්ජාලයට දරුවන් ඉලක්කකර අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප මුදාහරින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් අද සිට ආරම්භ කර තිබෙනවා.
ඉකුත් ජුනි මස 17වැනි දින සිට ඊයේ(28) දිනය දක්වා ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මූලිකව විශේෂ දත්ත පද්ධතියක් හරහා අන්තර්ජාලයට පිවිස මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒම විමර්ශනවලදී ළමුන් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන,ඡායාරූප අන්තර්ජාලයට එක් කළ සිද්ධීන් 17629 අනාවරණය කරගෙන ඇති බව ද මෙම සැකකරුවන් දැනට හඳුනාගෙන ඇති බවද ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුකරන බවද බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම විමර්ශනය හා දත්ත පද්ධතිය දිගමට ක්‍රියාත්මක වන අතර දරුවන් ඉලක්කකර අසභ්‍ය දර්ශන අන්තර් ජාලයට මුදා හරින පරිගණක, ටැබ් යන්ත්‍ර , ජංගම දුරකථන ද හඳුනාගැනීමේ හැකියාව මේ තුලින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.