ඊයේ දිනය තුල නිරෝධායන නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයන් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මේ අතරින් වැඩිම පිරිස් වන 112ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොල ප්‍රදේශයෙන්. මීට අමතරව මහනුවර ප්‍රදේශයෙන් පුද්ගලයින් 52 දෙනෙකු සහ මාතලේ ප්‍රදේශයෙන් පුද්ගලයින් 47 දෙනකු මෙලෙස නිරෝධාන නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අනුව නිරෝධායන නීති ක්‍රියාත්මක කෙරුණු පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 47240ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටතට යන සහ පළාතට ඇතුලුවන ස්ථාන 14ක සිදුකළ මෙහෙයුම් වලදී පුද්ගලයින් හත්දාස් හැට දෙකක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී පළාත් සංචරණ සීමා උල්ලංඝණය කළ පුද්ගලයින් එකසිය හැට පස් දෙනෙකුට අවවාද කර ආපසු හරවා යවා තිබෙනවා.




