සේවකයන් ඉවත් කිරිම වෙනුවට ඔවුන් රැක ගනිමින් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය සහ ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය, මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදි පැවැත්වුණා.
එහිදී බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීම සහ ඇඟලුම් සේවකයන් එන්නත්කරණය කිරීම, කොවිඩ් මාර්ගෝපදේශණවලට අනුව නිමිඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුවී ඇති අතර අග්‍රාමාත්‍වරයා එම සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.