සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොරෝනා එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරේ කොවිඩ් වසංගතය හමුවේ අර්බුදයකට මුහුණ දී තිබෙන සංචාරක ක්ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කඩිනම් වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක කෙරෙන බවයි.
සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින්නන්ට සහන ලබා දීමටත් නැවත ඔවුන්ගේ ජීවන මාර්ගය යථා තත්ත්වයට ගෙන ඒමටත් රජය පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරන නමුත් එය ඔවුන් වෙත සන්නිවේදනය වීමේ දුර්වලතා පවතින බව රණතුංග මහතා පෙන්වා දෙයි
එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරිකයින්ට කඩිනමින් කොවිඩ් එන්නත ලබා දීමටද කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි




