අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ද ඇතුළුව මේ වනවිට පුද්ගලයින් 32ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කළා.
ඊයේ (04) දිනයේදී ද පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට සිදුකර ඇති විමර්ශන අනුව එම දැරිය අලෙවි කිරීමට තවත් වෙබ් අඩවි 4ක දැන්වීම් පළ කර ඇති බවට අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතරින් එක් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
මීට පෙරද එවැනි වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර මෙම දැරියව මුදලට ලබාගත් මාලදිවයින් ජාතිකයෙකු, දැරියව අපයෝජනය කිරීම සඳහා කාමර පහසුකම් සැපයූ හෝටලයේ කළමනාකරවරයා ද ඊයේ අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති තවත් 12 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.




