කොරෝනා වසංගතය හේතුවෙන් දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටින හෝටල් සේවකයන් කොටුව සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිට පසුගිය 26 දින දහවල් උද්ඝෝෂණයක් පැවැත්වුවා.
ඔවුන් පවසන්නේ හෝටල් සේවකයින් මුහුණපා සිටින ගැටලුවලට ආණ්ඩුවෙන් සහ වගකිවයුත්තන්ගෙන් විසඳුම් ඉල්ලා සිටියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් මෙම තීරණය ගත් බවයි.
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා හෝටල් සේවකයන් 150,000ක පමණ පිරිසක් දැඩි පීඩනයකට පත්ව සිටින බවත් දිනෙන් දින ඉහළ යන ගැටලු හමුවේ සේවකයන් දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇති බැවින් තමා මුහුණ පා සිටින ගැටලුවලට විසඳුම් ඉල්ලා සේවකයන්ට මහපාරට බැසීමට සිදු ව ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි මහතා පවසනවා.
වසර දෙකක පමණ කාලයක සිට සංචාරක කර්මාන්තය බිඳ වැටීගෙන යන හෙයින් හෝටල් සේවකයන්ට නිසිපරිදි වැටුප් හිමි නොවන බව ද ඔහු කියයි.
ඇතැම් හෝටල් සේවකයන්ට ලැබෙනුයේ මූලික වැටුප පමණක් වන අතර තවත් පිරිසකට වැටුපෙන් අඩක් පමණක් ලැබෙන බව ද ජානක අධිකාරී මහතා පැවැසීය




