බොහෝ ගෘහස්ත ස්ථානවල මුව ආවරණ පැළඳ සිටින ලෙස ඇමරිකානු රජය එරට එන්නත්කරණයට ලක් වූ ජනතාවගෙන් ඉල්ලා සිටී.
COVID-19 ට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත් ලබා ඇති ඇමරිකානුවන්, කොරොනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශවල ගෘහස්ථ පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳිය යුතු බව එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් ඊයේ ප්‍රකාශ කළහ.
ඩෙල්ටා ප්‍රභේදය නිසා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් රෝගීන් ඉහළ යමින් පවතී. මේ වන විට එක්සත් ජනපදයේ කොවිඩ් 19 වෛරස් රෝගීන්ගෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදයට අයත් වූවන් ලෙස වාර්තා වේ.




