කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා නිවෙස් නිරෝධායනයට යොමුවී තිබෙනවා.
අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට කෝවිඩ් 19 ආසාදනය වීමත් තමා ඔවුන්ගේ ආශ්‍රිතයෙක් වීමත් නිසා අද (29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනය වීමට තීරණය කළ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ කාර්යාලය විෂබීජහරණයට ලක් කර දින 14ක් යන තෙක් එම අංශය වසා දැමීමට කටයුතු කර ඇත. අමාත්‍යාංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර හැකිතාක් දුරස්ථ ක්‍රම මඟින් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙනවා.