2021ජූලි මස31දින සඳහා කාලගුණ අනාවැකිය
2021ජූලි මස31දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
සබරගමුව පළාතේ සහ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලසහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණදක්වාවැඩි විය හැක.
ඉදිරිපැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2021 ජූලි මස 31දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
වැසි තත්ත්වය:
කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින්හමා එයි. සුළගේ වේගයපැ.කි.මී. (25-35)පමණ වේ.ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල්දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විටපැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
ගාල්ලසිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල්දක්වා වන මුහුදු ප්‍රදේශ සහ පුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක.
ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.