හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බොරැල්ල නිවසේ දී පිළිස්සී මිය ගිය 16 හැවිරිදි දැරියගේ මිහිදන් කළ සිරුර අධිකරණ නියෝග මත (30) දින ගොඩගෙන සිරුර දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කෙරිණ.
දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ මෘත ශරීරය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙනයාමට නියමිතවයි.
අධිකරණ නියෝග මත හැටන් ඩයගම වත්තේ බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භූම්යේ දී මිහිදන් කර තිබූ සිරුර මෙසේ ගොඩගැනීමේ කටයුතු ඊයේ (30) උදෑසන 9 ට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකාරණයේ මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මියගේ සහ ත්‍රීපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරින. මේ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණි.