නුවරඑළිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජනප්‍රිය ප්‍රවීණ චිත්‍රපට,වේදිකා නාට්‍ය, සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පීනී හයිසින්ත් විජේරත්න ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඇය ගමන්ගත් වෑන් රථය ඊයේ (30) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.
වෑන් රථ රියදුරාගේ නොසැලකිලිමත්කම නිසා මෙම අනතුර සිදුව ඇති බවත් මේ වනවිට ඔහු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.