Header Ads

උණුසුම් පුවත්

කෙරෝනා වසංගතයේ ශ්‍රී ලංකව තුළ නවතම තත්වය

මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2460 දෙනෙක් ඊයේ (30) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,06,662 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ අතර කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1716 දෙනෙකු සුවය ලබා ඊයේ  (30) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 275,212ක් වනවා.

ඉන් ආසාදිතයින් 24,078 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පසුගිය දිනට මේ දක්වා පී. සී. ආර්. පරීක්ෂණ 12,578 ක් සිදුකර ඇති බවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.

ඊයේ තහවුරුවූ මරණ 56ත් සමග මෙතක් මෙරට සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 4380 දක්වා ඉහළගොස් ඇත.