කොළඹ කොටුවේ , ශ්‍රීමත් බාරෝන ජයතිලක මාවතේ පිහිටි මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පීඨයක් බවට ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් බලපත්‍රයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ අමාත්‍යාංශ විෂයය පථයන් යළිත් සංශෝධනය කරමින් ජනාධිපතිවරයා ඊයේ දිනයෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.
මිලෝදා ආයතනය හෙවත් ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් මීට පෙරත් ආරක්ෂක අමාත්‍යාංය යටතේ වෙනම ආයතනයක් ලෙස පැවති අතර නව ගැසට් නිවේදනය අනුව එය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත්වනු ඇති.