අද (25) අලුයම ආයුධ සන්නද්ධ පිරිසක් නිවසට පැමිණ කඩුවකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ 23 හැවිරිදි පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය බව වඳුරඹ පොලීසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල - වඳුරඹ, ඉහළ කීඹිය, විවරුගොඩ පදිංචිව සිටි ගම ආරච්චිගේ සසී මධුශංක නැමැති එක්දරු පියෙකි.
තිබේ. කාලයක් තිස්සේ පැවති ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබෙන බවත්, මෙම මිනීමැරුම සම්බන්ධයෙන් සැකකරනු ලබන සිව්දෙනෙක් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය පවසනවා.
වඳුරඹ පොලීසිය ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇත.
මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ මේ වනවිට තබා තිබෙන අතර ඝාතනයට සම්බන්ධ මහෙස්ත්‍රාත් පරික්ෂණය අද (25) සිදුකිරීමට නියමිතයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලීසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.