මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 63,704 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 34,915 දෙනෙකුට ඊයේ ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 28,071 ක්. එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයින් 718 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 19 ලක්ෂ 11,208 ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව අට ලක්ෂ 36,814 ක්. එසේම, කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව පුද්ගලයින් නවලක්ෂ 25,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් තුන්ලක්ෂ 84,047 දෙනෙකුට ලබාදී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ 14,795 ක්. එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,427 ක් වනවා.




