මෙරට ඊයේ දිනයේදී පුද්ගලයින් 169,957 දෙනෙකුට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් එක්ලක්ෂ හැට පස් දෙනෙකුට ඊයේ ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 66,220 ක්. එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයින් 3,672 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 184,956,5 ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 750,572 ක්. එසේම, කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 381,979 දෙනෙකුට ලබාදී තිබෙනවා.