එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානය වසරක් ඇතුළත ආරම්භ කිරීමට සැලසුම්


එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානයේ කටයුතු වසරක් ඇතුළත ආරම්භ කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ සඳහා කඩිනම් පියවර ගන්න යැයි තමන් ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි. එරාවුර් පුන්නකුඩා ප්‍ර දේශයේ අක්කර 265 කින් සමන්විත භූමි ප්‍රදේශයක මෙම ඇගළුම් කර්මාන්ත උද්‍යානය පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ.

මහා පරිමාණ කර්මාන්ත ශාලා 10 කින් සමන්විත මෙම කර්මාන්ත උද්‍යානය, සෘජු රැකියා අවස්ථා 5000 ක් සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහි කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

කලාපයේ අභ්‍යන්තර සංවර්ධනය හා කළමණාකරණය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිදු කරයි. බාහිර යටිතල පහසුකම් සංවර්ධනය ක්‍රියාත්මක කරන්නේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය විසිනි.

මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරෙන යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පසුගිය දා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිරීක්ෂණයට ලක්විය. එහිදී ඇමතිවරයා උපදෙස් දුන්නේ, මෙම යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමී ව කර්මාන්ශාලා ඉදිකිරීමට ද ආයෝජකයන්ට අවස්ථාව ලබාදෙන ලෙසයි. වසරක කාලයක් ඇතුළත මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය. එම ආයෝජන කලාපයට සමාන්තරව පවතින වෙරළ තීරය සංචාරක ආකර්ෂණිය වෙරළ තීරයක් ලෙස සංවර්ධනය කරන ලෙසත්, සංචාරකයන්ට වෙරළ ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා එය උපයෝගි කර ගැනීමට හැකිවන වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් උපදෙස් දුන්නේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ, මෙරට මුළු අපනයන ආදායමින් 44%ක් ගෙන එන්නේ ඇගළුම් කර්මාන්තය බවය. එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5ක් මෙරටට ජාතික ආදායමට එක් කරයි.මෙරට ඇගලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලා 600 ක් අතර රෙදිපිළි හා අමු ද්‍රව්‍ය නිෂ්පාදන කම්හල් ඇත්තේ 6 ක් පමණි.මෙරට ඇගළුම් කර් මාන්තයට අවශ්‍ය අමු ද්‍රව්‍ය චීනය, ඉන්දියාව, තායිවානය, ඉන්දුනීසියාව වැනි රටවලින් ආනයනය කරයි.මෙම රටවල්ද ඇගළුම් නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වන බැවින් පවතින ගෝලීය තරඟකාරී බව හේතුවෙන් අමුද්‍රව්‍ය නිසි වේලාවට ලබා ගැනීමේ අපහසුතා ද ඇත. එසේම ශ්‍රී ලංකාව ඇගළුම් කර්මාන්තයට අවශ්‍ය රෙදිපිළි හා අමු ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක් පමණ වැය කරයි. මෙම රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය ක්‍රියාත්මක වීමත් සමඟ වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් පමණ ඉතිරි කරගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් රජය රැපියල් බිලියන 05 ක් ආයෝජනයකින් මෙම ඇගළුම් කර්මාන්ත උද්‍යානය ආරම්භ කරන්නේ ඒ නිසා බවත් ඇමතිවරයා කියයි.

මෙම ඇගළුම් කර්මාන්ත උද්‍යානය පරිසර හිතකාමී කර්මාන්ත උද්‍යානයක් ලෙස සංවර්ධනය කරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

මෙම අවස්ථාවට සහභාගි වූ ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා;

රජය සැමවිටම ආයෝජකයින් හා සේවකයින් ආරක්ෂා කරන බවත්, මේ වන විට නැඟෙනහිර පළාතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සියලු සේවකයින් එන්නත් කර අවසාන බවද  දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ට මෙරට  ආයෝජනය සඳහා පහසුකම් වැඩි කරන බවත් අගනුවරට  බැහැරව මෙවැනි ප්‍රදේශ සංවර්ධනය කිරීම කාලින අවශ්‍යතාවයක් බවද පැවසිය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානය වසරක් ඇතුළත ආරම්භ කිරීමට සැලසුම්
එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානය වසරක් ඇතුළත ආරම්භ කිරීමට සැලසුම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPC_xtXl8bwvaJREgwWaonmvZT3XQqU-Zjz9aQyoXl_DhJZ7zmshghgrgqxmke8uCMNUrjYBfQ0gg2wIuxiPyribd2ZnxM_Bf4TDOp3F9nyxPGb_yNQ99UQSttCsMFlvQ-Yd8RYNU4-fw/s16000/image+%252849%2529.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPC_xtXl8bwvaJREgwWaonmvZT3XQqU-Zjz9aQyoXl_DhJZ7zmshghgrgqxmke8uCMNUrjYBfQ0gg2wIuxiPyribd2ZnxM_Bf4TDOp3F9nyxPGb_yNQ99UQSttCsMFlvQ-Yd8RYNU4-fw/s72-c/image+%252849%2529.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/07/eravur-garment-industrial-park-is-scheduled-to-open-within-a-year.html.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/07/eravur-garment-industrial-park-is-scheduled-to-open-within-a-year.html.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content