සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් හා විභාග රාජකාරි වෙනුවෙන් ගුරුවරුන්ට ගෙවිය යුතු රුපියල් කෝටි හැත්තෑවකට අධික ගාස්තු හා දීමනා මෙතෙක් ගෙවා නැති බව වාර්තා වනවා.
මෙම විභාගය පසුගිය මාර්තු මාසයේ පැවත්වුනා.
මීට සති දෙකකට පෙර මෙම ගාස්තු හා දීමනා ඊයේ දිනට (30) පෙර ගෙවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කර තිබුණා.
එහෙත් විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලවල පවතින හිඟතාව හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදු වූ බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.
උත්තර පත්‍ර ඇගයීම් හා විභාග රාජකාරි සඳහා ගුරුවරු දොළොස් දහසක් පමණ යොදවා සිට තිබෙනබව වාර්තා වනවා.
මේ දිනවල පවතින සංචරණ සීමා තත්ත්වය තුළ මෙම දීමනා හා ගාස්තු ගෙවීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් විභාග දෙපාර්තමේන්තුවට සිය අප්‍රසාදය හා දැඩි විරෝධය පළ කරනවා.