මෙරට සුළු භූ කම්පන තත්ත්වයන් වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශ ලෙස විශ්ලේෂණ මගින් හඳුනා ගැණුනු මහනුවර - වික්ටෝරියා ප්‍රදේශයේ ස්ථාන 10 ක ඉතා සුළු භූ කම්පනවලට අධි සංවේදී භූ කම්පන මාන 10 ක් ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය, ජර්මානු සමාගමක විශේෂඥයන් පිරිසක් සමග එක්ව සිදුකළ භූගෝලීය විශ්ලේෂණයකින් පසු ගත් තීරණයකට අනුවයි.
වික්ටෝරියා ප්‍රදේශය මෙරට සුළු භූ කම්පන තත්ත්වයන් බහුල ලෙස කේන්ද්‍රගත වූ ප්‍රදේශයක් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ස්ථාපනය කර ඇති මෙම විදේශීය නිෂ්පාදිත නව අධි සංවේදී භූ කම්පන මාන යොදා ගනිමින් මාස 06 ක පර්යේෂණයක් සිදු කිරීමටයි මේ වනවිට කටයුතු යොදා ඇත්තේ.