වැඩිදුර අධ්‍යාපනය සඳහා හෝ උසස් අධ්‍යාපනය සදහා විදෙස්ගතවීමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් අද (02) සිට ආරම්භ වීමට නියමිතවනවා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය එන්නත්කරණය සම්පූර්ණ කිරීම අත්‍යවශතාවක් ලෙස දක්වා ඇති රටවල් වෙත විදෙස්ගතවීමට නියමිත සිසුන් සඳහා සයිනොෆාම් එන්නත මෙලෙස ලබා දෙන බවයි.
එම එන්නත්කරණය අවශ්‍ය වන සිසුන් ඒ සඳහා පූර්ණ ලියාපදිංචි වීමක් අවශ්‍ය වන බවද ඔහු කියා සිටියා ඒ සඳහා අද සිට ලියාපදිංචි විය හැකි බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා'
ඒ අනුව www.army.lk/covid19 යන කොවිඩ් -9 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිය සිදුකළ හැකිවනවා.
එසේ ලියාපදිංචි වී දින 2ක් ඇතුළත කෙටි පණිවුඩයක් මඟින් එන්නත්කරණය ලබාගත යුතු දිනය, වේලාව සහ ස්ථානය අයදුම්කරු වෙත ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා