බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳ විවිධ මතිමතාන්තර පළ වුණත් තවමත් ඒ පිළිබඳව නිශ්චිතව තීරණය වී නැති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
පසුගිය සෙනසුරාදා (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ද බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ද සහභාගි වී ඇත.
මෙම සුහද පවුල් හමුවේ දී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ස්ථිර කර ඇති අතර ඔහුට මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු අකමැත්තක් නැති බව වර්තමාන මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීම වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුත්තේ කවුද යන්න පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති අතර එහිදී ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පිළිබඳ අවධානය යොමු වී ඇත.
මේ සඳහා සුදුසු මන්ත්‍රීවරයකු ඉවත් කිරීමේ වගකීම නාමල් රාජපක්ෂ මහතාට පවරා ඇති බවත් එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩු පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවිය පිරිනැමීමට තීන්දු කර ඇති බවත් වාර්තා වනවා.




