2021 වර්ෂය සඳහා ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අවස්ථාව ලබාදී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ වයස අවුරුදු 18 සම්පූර්ණවීම නිසා නාම ලේඛනයට අලුතින් නම් ඇතුළත් කිරීම, ඇතුළත් කර ඇති නමක් නිවැරැදි කිරීම ද මාර්ග ගත ක්‍රමයට (ඔන්ලයින්) සිදු කළ හැකි බවය.
මැතිවරණ කොමිෂන් සභාවේ htts://www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ග ගත ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය හැකි ආකාරය ලබා ගත හැකිය.




