බණ්ඩාරගම නගරයේ දී පුද්ගලයන් 191 දෙනෙකුගේ සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඉන් පුද්ගලයන් 63 කුට කොරෝනා වෛරසය ආසාධිත බව හෙළිවී ඇත.
විවිධ ආකාරයේ රෝග ලක්ෂණ ඇතිවූ අය සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් පිරිසක් උදෙසා මෙමරැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කළ බව බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම පරීක්ෂණ සිදුකරගැනීම සඳහා පෙළ ගැසී සිටි පුද්ගලයන් අතර සිටි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු ක්ලාන්තවී ඇදවැටී තිබූ අතර එම තිදෙනාටද රැපික් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමෙන් අනතුරුව වෛරසය ආසාදිත බව ද අනාවරණ වී ඇත.
මේ වන විට සමාජයේ බහුලව මෙම රෝගය ව්‍යාප්තව ඇති බවක් ඒ නිසා හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපැද සංචරණ සීමා කිරීම වඩාත් යෝග්‍ය බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.




