ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT ආයතනය) රජයට තිබු අයිතිය අහිමි කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පියවර ගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රජයට නිර්දේශ කර තිබෙනවා.
කෝප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක ස්ලිට් ආයතනය පෞද්ගලීකරණය කෙරුණු සංකීර්ණ සහ ගැටලු සහගත ක්‍රියාදාමය සංවිධානාත්මක වංචාවක් බවට පෙනී යන බවද සඳහන්.
SLIIT ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා දෙක සම්බන්ධව දෙදින විවාදයක් පැවැත්වීම සඳහා කතානායකවරයාට යෝජනා කිරීමටද පසුගියදා රැස්වුණු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කළා.
එමඟින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ වර්තමාන තත්ත්වය සහ එම ආයතනයට අදාළව ගනු ලබන මීළඟ පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහ රටේ පුළුල් සංවාදයක් ඇති කිරීමට අපේක්ෂා කරන බව මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.




