කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ආරම්භ කළ එන්නත් වැඩසටහන අද (09)දිනයේත් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
කොළඹ නගරයේ මෙතෙක් එන්නතක් ලබා නොගත් අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට මෙහිදි එන්නත් ලබාගැනීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියි.
එම එන්නත ලබා දීමේ කටයුතු අද පෙරවරු 9 සිට සවස 4දක්වා සිදු කරන බව ද දන්වා සිටියි
ප්‍රජා පොලිස් නිලධාරීන් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, සහ සෞඛ්‍යය අංශ ඒකාබද්ධ වෙනුවෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.




