කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසුවේ මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ගොවි ජනතාවට ලබා දීම සඳහා සිදු කරන පාංශු පරීක්ෂණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බවය.
ඒ අනුව එම වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.කාබනික පොහොර භාවිතය පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරිම සදහා කෘෂි පර්යේෂණ නිලධාරින් පුහුණු කිරීම ද මේ වනවිට ආරම්භ කර ඇති බවත් මහ කන්නයේ පොහොර නිකුත් කිරීමට පෙර වගා බිම් ආශ්‍රිතව පාංශූ පරීක්ෂාව සිදු කීරිමට තීරණය කර ඇති අතර පරීක්ෂාවට ලක් කෙරෙන වගා බිම් හි ගොවීන් සඳහා පොහොර ලබා ගැනීමේ කාඩ්පතක් නිකුත් කිරීමට ද, පියවර ගන්නා බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සදහන් කළේය.




