රජය විසින් කෘෂි ව්‍යාපාර ප්‍රධාන කොටගත් වාණිජ කේන්ද්‍රස්ථානය හම්බන්තොට මත්තල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතය. මේ සඳහා අක්කර දහසක (1000) ක භූමි භාගයක් වෙන් කොට ඇත.
මීට පෙර මෙම කේන්ද්‍රස්ථානය මතුගම වැලිපැන්න ප්‍රදේශයේ අක්කර 500ක භූමියක ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබුණු නමුත් ඒ සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයන් පෙන්වා දී ඇත්තේ වරායක් හා ගුවන්තොටුපොළක් පිහිටි ආසන්නයේ එය ස්ථාපිත කිරීම සුදුසු බවයි.වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන කියා සිටියේ ඒ අනුව වාණිජ කේන්ද්‍රය හම්බන්තොට ස්ථාපිත කිරීමට සැලසුම් කළ බවයි.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව විසින් සිදු කළ ඒකාබද්ධ අධ්‍යනයට අනුව පළමු අදියර යටතේ ධාන්‍ය, ඇට වර්ග, තෙල් සහිත බීජ, පලතුරු හා එළවළු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අවශ්‍ය පරිදි සකස් කර අපනයනය කිරීමට නියමිතය.




