පානදුර ප්‍රදේශයේ දානපතිනියක් වන සන්ධ්‍යා සල්ගාදු මහත්මිය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු තැන්පත් කිරීම සඳහා අවශ්‍ය ශීතාගාරයක් පානදුර මූලික රෝහල වෙත අද පරිත්‍යාග කළේය.
පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවේ පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ සහ ඉන් පිටතත් මළ සිරුර විශාල වශයෙන් තැන්පත් ව තිබීමෙන් දැඩි සෞඛ්‍යය ගැටළුවක් පැන නැගී ඇති බවට මාධ්‍ය මඟින් ඉකුත් දින කීපය තුළ ප්‍රචාරය වීමත් සමඟම සල්ගාදු මහත්මිය එයට කඩිනම් පිළියමක් යෙදීමට කටයුතු කළ බවයි. දැනට තිබෙන රෝහලේ මෘත ශරීරාගාරයේ අධි ශීතකරණ දෙකේ තැන්පත් කළ හැකි මළසිරුරු ගණන් 12 කි. පරිත්‍යාග ලෙස ලද ශීතාගාරයේ තැන්පත් කළ හැකි මළ සිරුරු ප්‍රමාණය 40ක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ හතළිහක් පමණ වේ.
වෛද්‍ය අධිකාරිවරිය කියා සිටියේ මුදලින් නිම කළ නොහැකි මාහැඟි කාර්යයක් සල්ගාදු මහත්මිය විසින් ඇයට තිබෙන සම්බන්ධකම් අනුව පානදුර මූලික රෝහල වෙත ඉටුකිරීම අගය කළ යුතු කටයුත්තක් බවය.




