සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත කිරීමේ දී ඔවුන් ට ඇති වන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අදාළ පුද්ගලයින් 1999 හෝ 0117 966 366 යන දුරකථන අංකය ඇමතීමෙන් අවශ්‍ය සහය ලබාගැනීමට හැකියාව හිමිවේ.
යම් රෝහලකට රෝගීන් ගෙන යෑමේ දී තත්ත්වය බරපතළ නොමැති නම් ඔවුන් ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන යෑම ඉතා යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය, මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ,
“රෝග ලක්ෂණ බරපතළ නම් පමණක් ළඟ ම තියෙන ප්‍රධාන රෝහලකට යන්න. ගිහින් අපහසුනම් පමණක් ඒ පහසුකම ලබාගන්න. බරපතළ රෝග ලක්ෂණ නැතුව අර ස්ථානවලට ගියොත් එතැනින් වෙන්නේ තදබදය වැඩිවීමෙන් අවශ්‍ය සේවාවන් අපිට ලබාගැනීමට නොහැකි වන අතර, අත්‍යාවශ්‍ය සේවාවන් ලැබිය යුතු පිරිසටත් එය බාධාවක් වෙනවා. ඒ නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඔස්සේ යම් ක්‍රියාවලියක් තියෙනවා. ඒ අනුව රෝහල්ගත වීමට කටයුතු කරන්න.“