ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි හතරහමාරකින් පමණ පහත වැටී ඇති බවයි.
දෛනකිව ධාවනය වූ ලංගම බස්රථ 5200 ක ප්‍රමාණය 4200 දක්වා අඩු වී ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය දෛනික ආදායම රුපියල් කෝටි අටහමාරක පමණ අගයක තිබූ බවත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් එය රුපියල් කෝටි හතර දක්වා අඩුවී ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
සියලුම ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් ලබාදී ඇත්තේ උපරීම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් මෙම බස්රථ ධාවනය කරන ලෙසට බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.




