සීනි මෙට්‍රික්ටොන් 37 ක සොරකමක් සම්බන්ධයෙන් වෙන්නප්පුව කොස්ගස්හන්දිය සතොස ශාඛාවේ කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම දිස්ත්‍රික් කලාප කළමණාකරු සහ වැලිසර ගබඩා සංකිර්ණයේ භාරකරුගේ ද වැඩ තහනම් කර ඇත. එම දෙදෙනා අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව සතොස උසස් නිලධාරියෙක් පැවැසීය.වෙන්නප්පුව කොස්ගස් හන්දිය සතොස ශාඛාව සාමාන්‍යයෙන් මසකට සීනි මෙට්‍රික් ටොන් 4ක් අළෙවි කරනු ලබයි. නමුත් පසුගිය සඳුදා මෙම ශාඛාවේ කළමනාකාරිනිය සාමාන්‍ය ඇණවුමට වඩා වැඩි සීනි ඇණවුමක් සතොස වැලිසර තොග ගබඩාවට යොමු කර ඇත. අදාළ ඇණවුම ප්‍රවාහනය කරන ලද ලොරියේ පැවති සමස්ත සීනි තොගය ශාඛා ගබඩාවට ලබා ගැනීමකින් තොරව තුන්වන පාර්ශවයකට අයත් ලොරි රථයකට පටවා වෙනත් අළෙවිසලක් කරා රැගෙන යන ලදී. මේ අවස්ථාවේ ක්‍රියාත්මක වූ සතොස විශේෂ විමර්ශන ඒකකය වෙන්නප්පුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව වැටලීම් සිදු කර ඇති බව එම නිලධාරියා පැවසූහ.




