දින 17 ක් පුරා පැවැති 2020 ටෝකියෝ ඔලිම්පික් උළලේ අවසානය ඊයේ දින සනිටුහන් විය. සමස්ථ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය සමත් විය.
අමෙරිකාව රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් සමඟින් සමස්ත පදක්කම් 113ක් හිමිකර ගෙන ඇත.
චීනයට මෙවරත් අනුශූරතාවය හිමි විය. චීනය රන් 38ක්, රිදී 32ක් සහ ලෝකඩ 18ක් ලෙස පදක්කම් 88ක් හිමිකර ගෙන තිබේ.
සත්කාරක ජපානයට හිමිව ඇත්තේ තෙවන ස්ථානයයි. ජපානය රන් 27ක් සමඟින් සමස්ත පදක්කම් 58ක් ලබා ගෙන ඇත.
බ්‍රිතාන්‍ය, රුසියාව, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය මෙවර ඔලිම්පික් ක්‍රිඩා උළලේ පළමු ස්ථාන 10ට ඇතුළත් සෙසු රටවල් වේ.
මීළඟ ඔලිම්පික් උළෙල 2024 දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිතය.







