දුම්රිය ස්ථානාධිපතිවරු මේ වන විට ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය ජනතාව ගැන සිතා අද (13) මධ්‍යම රාත්‍රීයේ අනිවාර්යෙන්ම අවසන් කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැදිහත්ව අද පෙරවරුවේ දුම්රිය කීපයක් ධාවනය කළ ද තම සංගමයට මේ දක්වා කිසිඳු සාකච්ඡාවක් හෝ විසඳුමක් ලබාදී නොමැති බව කී සුමේධ සෝමරත්න මහතා මෙම දැඩි අසීරු අවස්ථාවේදී වැඩවර්ජනය ඇඳගෙන යෑමේ කිසිඳු උවමනාවක් නොමැති බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් එස්. කසුන් චාමර මහතා පවසා සිටියේ කොවිඩ් වංසගතයෙන් ආරක්‍ෂවීමට දුම්රිය කාර්ය මණ්ඩලවලට සෞඛ්‍ය පහසුකම් ලබානොදීමට විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කීපයක් මූලික කරගෙන ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට අද (13) මධ්‍යම රාත්‍රීය දක්වා එක්දින සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව යි.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය මෙම එක් දින වර්ජනයට හේතු ලෙස කියා සිටින්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වේගයෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වුව ද ක්‍රමවත් නිරෝධායන වැඩපිළිවෙළක් නොමැති වීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට පත්ව තිබීම, සෞඛ්‍ය ආරක්‍ෂිත ද්‍රව්‍ය ඉක්මණින් ලබානොදීම සහ ඒවායේ ගුණාත්මකභාවය සඳහා කටයුතු නොකිරීම, කොළඹ ගෙදර අතරමැදි නිරෝධායන මධ්‍යස්ථානයේ පොදු බව නොමැතිවීම සහ ස්ථාන මාරුවලට බාහිර වෘත්තීය සමිති මැදිහත් වීම යන වෘත්තීය ගැටලුය.




