සහකාර කළමනාකාරවරියට කොවිඩ් ආසාදනයවීම නිසා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති ලංකා බැංකු ශාඛාව හදිසියේම වසා දමා ඇත.
පාර්ලිමේන්තු පරිශ්‍රයෙහි ලංකා බැංකු ශාඛාවේ අනෙක් නිලධාරීහු හය දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් කාර්යාංශය, සභා ලේඛන කාර්යාලය සහ පාර්ලිමේන්තු පොලීසිය යන අංශවලින් කොවිඩ් ආසාදිතයන් හය දෙනෙකු හමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
කොවිඩ් ආසාදිතයන් හමුවීමෙන් පසු පනත් කෙටුම්පත් කාර්යාංශය සහ සභා ලේඛන කාර්යාලය තාවකාලිකව වසා දමා විසබීජහරණය කිරීමෙන් පසුව නැවත විවෘත කළ බවත් සීමිත සේවකයන් පිරිසක් කැඳවා එම කාර්යාලවල රාජකාරි කටයුතු කරගෙන යන බවත් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.




